මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ මහජන පුස්තකාල සහාය කාර්ය මණ්ඩලයට සහ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් සම්පූර්ණ කර නොමැති අයැදුම්කරුවන් සඳහා ය.
පාඨමාලා කාලය: මාස 06
පාඨමාලා මාධ්‍යය: සිංහල
පාඨමාලා ගාස්තුව: රු.15000 (එක් වර ගෙවිය යුතුය)
පාඨමාලාව සඳහා අවම ඇතුළත්වීමේ සුදුසුකම්
අ.පො.ස. සාමාන්‍යපෙළ සමත් වීම.
පාඨමාලාව නිම කිරීමෙන් පසු ලබන සුදුසුකම
ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (SLQF) 02 වන මට්ටම (NVQ 04 ට සමාන්තර සුදුකමකි).
දේශන සහ ඇගයීම්:
දේශන සති අන්ත දිනක දී (ඉරිදා/සෙනසුරාදා) කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වේ. සෑම මොඩියුලයක් සඳහාම ලබා දෙන තනි සහ කණ්ඩායම් පැවරුම් ඇසුරින් ඇගයීම සිදු කෙරේ. අවසාන විභාගයක් නොමැත.
පාඨමාලා සම්බන්ධීකරණය: උදිත අලහකෝන් මහතා
අයැදුම් කරන පිළිවෙල
සම්පූර්ණ කරනලද අයැදුම්පත්‍රය කොළඹ විශ්වවිද්‍යාලයයේ නිලිස් ආයතනය වෙත 2020 සැප්තැම්බර් මස 18 වැනිදා හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑල මගින් යොමු කරන්න. අයැදුම්පත්‍ර පිරිසැකසුම් ගාස්තුව වන රුපියල් 250 ක මුදල අයදුම්පතේ සඳහන් පරිදි අදාළ බැංකුවට ගෙවා, එම රිසිට්පත අයැදුම්පතට අමුණා එවන්න. වැඩි විස්තර අයදුම්පතේ සඳහන් වෙයි.